preloader

සාදරයෙන් පිළිගනිමු

මනහර කඳුවැටි හා නිම්න භූමීවලින් ස්වභාව සෞන්දර්යෙන් පිරි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මැද රට තෙත් කලාපසේ බටහිර ෙදසින් උස්බිමක පිහිටා ඇත. මෙම කොට්ඨාශයේ අදාළ පළාත් පාලන ආයතනය වශසයන් අප ගඟ ඉහළ කෝරළේ ප‍්‍රාදේශීය සභාව ක‍්‍රියාත්මක වේ.

පිහිටීම අනුව උතුරු අක්ෂාාංශ 6 - 6.4 ත් අතර ද, නැගෙනහිර දේශාංශ 80.05 - 81 ත් අතර ද, උතුරට උඩපළාත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත්, නැගෙනහිරට පස්බාගේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත්, දකුණට කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත්, බටහිරට කෑගල්ල දිස්ත‍්‍රිත්කයේ අරණායක ප‍්‍රා්දේශීය ලේකම් කොට්ඨාශයත් අතර පිහිටා ඇත.

වර්ග කි.මී. 103.56 ක් හෙවත් හෙහක්ටයාර් 9480 ක භූමි ප‍්‍රමාණයකින් යුක්ත ගඟ ඉහළ කෝරළේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මහනුවර දිස්ත‍්‍රික්කයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 4.84 ක් වේ. ගම්මාන 180 කින් සමන්විත මෙම කොට්ඨාශය ග්‍රාම නිළධාරි වසම් 31 කට වෙන් කර ඇත. ජනගහණය 67568 ක් පමණ වන අතර පවුල් 17506 කින් පමණ හා නිවාස 16209 කින් සමන්විත වේ. මහනුවර දිස්ත්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 20 අතරින් මධ්‍යම ප‍්‍රමාණයේ ජනගහණයක් සිටින ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකි.


ගරු සභාපතිතුමන්ගේ පණිවිඩය

ගඟ ඉහළ කෝරළේ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ මහජනතාවට උපරිම සේවාවක් ලබාදීම මූලික පරමාර්ථය කොටගෙන, මුහුණදුන් විවිධ අභියෝග හමුවේ සාර්ථකව ජනතා මෙහෙවර ඉටුකරමින් සිටිමි. එකී ගමන් මගෙහි ගරු උප සභාපතිතුමා ප‍්‍රමුඛ ගරු මන්ත‍්‍රී මණ්ඩලයෙන් ද, ලේකම්තුමිය ඇතුළු මාගේ කාර්යය මණ්ඩලයෙන් සහ කණිෂ්ඨ සේවක මණ්ඩලයෙන් ද ලැබෙන සහයෝගය මහත් ශක්තියකි.

ගඟ ඉහළ කෝරළේ ප‍්‍රාදේශීය සභාවේ උන්නතියට හේතුවන සේවාලාභී ඔබගේ අදහස්, යෝජනා මෙන්ම චෝදනා ද මා වෙත ඉදිරිපත් කරනු ඇතැයි ගෞරවයෙන් අපේක්‍ෂා කරමි.

ජී. ඕ.ජී.ඩී.නදීර බණ්ඩාර ජයසේකර
සභාපති - ගඟ ඉහළ කෝරළේ ප‍්‍රාදේශීය සභාව

ලේකම්තුමියගේ පණිවිඩය

ගඟ ඉහළ කෝරළේ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළ මහජන උපයෝගිතා සේවාවන් සැපයීම සඳහා සීමිත මානව සම්පත ඵලදායීව හා කාර්යක්‍ෂමව උපයුක්ත කර ගැනීම මා ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලයේ අභිලාශයයි. අප කාර්යය මණ්ඩලය අත්පත්කොට ගෙන ඇති සියලූ ජයග‍්‍රහණ ගඟ ඉහළ කෝරළේ ජනතාවගේ සුභසාධනය යහ පැවැත්ම උදෙසා ගන්නා ලද ප‍්‍රයත්නයන්හි අනගි ප‍්‍රතිඵල බව සිහිපත් කරන අතර එකී සේවාවන් තවදුරටත් පුළුල් කිරීම උදෙසා හෙටත් ඇපකැප වන්නෙමු.

ඩී.එම්.එල්.ඩී.දසනායක
ලේකම් - ගඟ ඉහළ කෝරළේ ප‍්‍රාදේශීය සභාව

පුවත් හා සිදුවීම්

ගඟ ඉහළ කෝරළේ ප‍්‍රාදේශීය සභාවේ නිළ වෙබ් අඩවිය විවෘත කිරීම 2023 ජනවාරි මස 03 වෙනි දින ප‍්‍රාදේශීය සභාවේ ගරු සභාපති ජී.ඕ.ජී.ඩී. නදීර බණ්ඩාර ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

ගඟ ඉහළ කෝරළේ ප‍්‍රාදේශීය සභාව මඟින් 2015 දී කව සංගම් ආරම්භ කරන ලදි. සමාජ සුබසාධනය සඳහා කැප වී ජනතාවට වඩාත් සමීප වූ කාර් යක්‍ෂම ඵලදායී උපරිම වූ රාජ්‍ය සේවයක් ලබාදීම මෙම සංගම් වල ප‍්‍රධාන අරමුණයි.

ගඟ ඉහළ කෝරළේ ප‍්‍රාදේශීය සභාව තුළ කව සංගම් 4ක් ක‍්‍රියාත්මක වේ. 01. සඳු කවය, 02. හිරු කවය, 03. තරු කවය, 04. හරිත කවය

මෙම කව සංගම් මගින් වසරකට සමාජ සුභසාධන ව්‍යාපෘති 3ක් හෝ 4ක් සිදු කරනු ලබයි.